පරාදවීම් වලට භය නම් කවදාවත් ඔයාට දිනන්න බැරි බව මතක තියාගන්න.මොකද ඔයා යම් ජයග්‍රහණයක් වෙනුවෙන් වැඩ කරනවා නම් 100%ක්ම ඒක සාර්ථක වෙයි කියලා අපිට හරියටම කියන්න බැ.අපිට ඒ වෙනුවෙන් උත්සාහ කරන්න හා සුභවාදීව හිතන්න පුළුවන්.නමුත් 100% හැමදේම, හැමදාමත් සාර්ථක වෙන්නෙ නැ.
ඔයාට දෙයක් ලබාගන්න නම්, අනිවාර්යයෙන්ම පරාදවීම,වැරදීම කියන දේට ඔයා ජීවිතේ එක පාරක් හරි මුහුණ දීපු කෙනෙක් වෙන්න ඕන.මං එහෙම කියන්නෙ ඔයා කරන දේවල් පළවෙනි පාර වරදින්න ඕන කියලා නෙවෙයි.නමුත් ඔයාට අත්දැකීම් ලබන්න ලබන්න ඔයා ඊළඟට ගන්න පියවර වරදින්න තියන ඉඩ අඩුයි.ඉතින් ඔයා කවදාවත් පරදිනවට භයේ උත්සාහය අතාරින්න එපා.එක පාරක් වැරදුනා කියන්නෙ දෙවනිපාරත් වරදිනවා කියන එකම නෙවෙයි.
පළවෙනි පාර වරදින දේ දෙවනිපාර ගොඩාක් සාර්ථක වෙන්න පුළුවන්.ඔයා පරාදවීමට භයේ පරාජය කියන දේ හිතේ මවාගෙන යමකට මුහුණ දෙනවා නම් කවදාවත් ඔයාට දිනන්න බෑ.මොකද ඔයා ඒ දේට මුහුණ දෙන්නෙම පරජය කියන දේ හිතේ මවාගෙන.ඉතින් ඔයා කොහොමද ජයග්‍රහණය කරන්නෙ.ඔයාට යමකින් අවශ්‍ය ජය,අවශ්‍ය අවසාන සාර්ථක ප්‍රතිඵලය ලබන්න නම්,ඔයා ජයග්‍රාහී මානසිකත්වයෙන්,ජයග්‍රාහී සිතුවිලි මනසේ ගොඩනඟා ගෙන ඒ දේට මුහුණ දෙන්න ඕන.
ඔයා ජයග්‍රාහී සිතුවිලි මනසේ පුරාවාගෙන ඉද්දි ඔයාට ඒ සඳහා අවශ්‍ය මාර්ගය විවෘත වෙනවා.ඔයා නිතරම හිතන්නෙ ඔයාගෙ ජයග්‍රහණය ගැනම විතරක් නම් ඔයාව ඒ සඳහා අවශ්‍ය මාවතට ඉබේම රැගෙන යන්න මේ විශ්වයට පුළුවන්.හැබැයි ඔයා ජයග්‍රහණය සඳහා පියවර තබන්නම ඕන.ඔයා පරාජය කියන දේ ඔලුවෙ තියාගෙන නම් ජයග්‍රහණය කියන දේට යන්න හදන්නෙ,ඔයා නිකන් ජයග්‍රහණය පෙනි පෙනී පරජයට අතවනනවා වගේ වැඩක් තමයි.
ඉතින් ඔයා කරන්න ඕන මුලින්ම සිතුවිලි වලින් ජයගන්න.ඔයා සිතුවිලි වලින් ජයගත්තා කියන්නෙම ඔයාගෙ මනසේ ඇඳෙන චිත්‍රය සුභවාදී වෙනවා.ඔයාට අවශ්‍ය ජයග්‍රහණය ඔයාගෙ මනසේ සිතුවම් වෙනවා.ඉතින් ඔයාට ජයග්‍රහණය ලැබෙනවාමයි.එහෙනම් ඔයා අද ඉතින් පළමුව සිතුවිලි වලින් ජයගන්න.එවිට ඔයාගෙ ජීවිතේ ලස්සන වෙන්න ගනීවි.