ඔබේ ජීවිතය එක තැන නැවතිලාද?
ඔබට එසේ දැනෙනවානම්, ඒ දේ වෙනස් කරන්න අවශ්‍ය නම්,මේ ක්‍රමය අත් හදා බලන්න.
ඔබේ නිවසේ තිබෙන දේවල් 27 ක් ස්ථාන මාරු කරන්න. වැඩි කාලයක් එක තැනක තිබුණු දේවල් තැන් මාරුකරන්න. මේ භාන්ඩ 27 ස්ථාන මාරුකිරීමෙන් ඔබේ අවකාශයේ ජීව බලය සක්‍රීය කරයි.
නිවසේ සුදුසු ,ගැළපෙන, ප්‍රසන්න ස්ථාන වල ඒවා තබන්න.
ඒ වගේම ඔබට අනවශ්‍ය භාන්ඩ නිවසෙන් ඉවත් කරන්න.
ඇයි භාන්ඩ 27 ක්..???
අංක 27 අංක 9 ට සම්බන්ධයි. එය ඉතාමත් බලවත් වාසනාවන්ත අංකයක්. 27 යනු 9 ය 3 න් ගුණකිරීමේ ප්‍රතිඵලයක් වන අතර එයින් අදහස් වන්නේ වාසනාව 3 න් ගුණයකින් වැඩිවීමයි.
එසේම, ඔබ මෙසේ එක තැන හිරවී ඇත්තේ ඔබේ වැඩකටයුතු සම්පූර්ණ නොකළ නිසයි. එ බැවින් ඔබ එම ශක්තිය සමගම ඉදිරියට යන අතර ඍණ ශක්තියද ආකර්ෂණය කරගනී. ඉතින් මේ එකතු කරගත් ඍණ ශක්තිය ඉවත් කරගැනීමට සහා ජිවිතේ අවහිරවීම් මගහරවාගැනීමටත් , මේ 27 ක්‍රමය කර ධන ශක්තිය ආකර්ෂණය කරගන්න .
මෙම භාන්ඩ 27 ස්ථාන මාරු කරනවිට ඒවා හොඳින් පිරිසිදු කිරීමටද වගබලාගන්න.