❤️ඔබ සතුටින් සිටිනා විට නිරන්තරයෙන්ම ඔබව ලස්සනට පෙනෙන්නට පටන් ගනු ඇත.
එවිට ඔබේ මුහුණ පියකරුය.
💚එසේම ඔබ දුකෙන් ඉන්නා විට ඔබව ඉබේම කැත වී,මලානික වීමට පටන් ගනු ඇත.
❤ඔබට ආදරය ලැබෙන විට,
ඔබේ ලෝකය ආදරයෙන් වටවී තිබෙන විට, ඔබේ මුහුණ සිරියාවන්ත බවකින් දිස්වනු ඇත.
💚එසේම ඔබ ආදරයෙන් පරාජිත වී දැඩිව මානසිකව විඳවන විට ඔබ නැවතත් මලානික පෙනුමකින් යුක්තය.
මේ ආදී ලෙස ඔබ මුදාහරින්නේ කුමන හැඟීමක්ද ඒ හැඟීමට අනුව ඔබට හොඳ හෝ නරක ලෙස ප්රතිචාර ලැබෙනු ඇත.
❤️ඔබ මුදාහරින්නේ සතුට පිරුණ සිතුවිලි නම්,ඔබට සතුට ගලාගෙන ඒමට පටන් ගනු ඇත.
💚එසේම ඔබ මුදාහරින්නේ දුක,කනස්සල්ල මුසු සිතුවිලි නම් ඔබට දුක,කනස්සල්ල ලැබෙනු ඇත.
❤️ඔබ හොඳක් කළොත් පෙරළා ඔබට හොඳක් ලැබෙනු ඇත.
💚එසේම ඔබ නරකක් කළොත් පෙරළා ඔබට නරකක් අත්විඳීමට වනු ඇත.
❤️ඔබ ක්රියාවෙන් යහපත් නම්,ඔබ වචනයෙන් යහපත් නම් ඔබට යහපත පැමිණෙනු ඇත.
💚එසේම ඔබ ක්රියාවෙන් අයහපත් නම්, වචනයෙන් අයහපත් නම් ඔබට අයහපත උදාවනු අත.
❤️ඔබ ආදරණීය අයෙකු නම් ඔබට කවරෙකුගෙන් හෝ ආදරය ලැබෙනු ඇත.
💚ඔබ ආදරණීය නොමැතිව අන් අයගේ සිත් රිදවන්නේ නම්,අන් අය රවටන්නේ නම් පෙරළා ඔබටද එම ඉරණම අත්වනු ඇත.
❤️ඔබ කෙනෙකුට සතුට ලබා දෙන්නේ නම් ඔබටද සතුටින් සිටිය හැක.
💚එසේම ඔබ කෙනෙකු දුකට පත්කළ හොත් පෙරළා ඔබටද දුක උරුම වනු ඇත.
මේ ආදී ලෙස ඔබ කරන,කියන සෑම දෙයකටම ඊට සමාන වූද,ප්රතිවිරුද්ධ වූද ප්රතික්රියාවක් ඇත.එහෙයින් සැම විටම යහපත් වචන කතා කරන්න,ක්රියාවෙන්ම යහපත් වන්න.