විශේෂ මෙය සම්පූර්ණයෙන් කියවන්න
පළවෙනි ඉගිය / හදවතින්ම සිනහාවන්න
මුළු හිතින්ම අපිට හිනාවෙන්න පුළුවන් නම්, ඇත්තටම ඒකෙන් ඔබේ මානසිකත්වය “මූඩ් එක”හොඳ තත්ත්වයකට පත්වෙනවා. හිත සතුටින් පිරෙනවා. ඒ වගේම පිරිසිදු හිනාවකින් ඔබේ සිරුරේ භාෂාවත් (Body Language එකත්) දියුණු වෙනවා. නිකං මූනිච්චාවට වගේ මුහුණෙන් විතරක් හිනාවෙන එකෙයි, මුළු හිතින්ම /මුලු ඇඟෙන්ම හිනාවෙන එකෙයි ලොකු වෙනසක් තියෙනවා,
මේක කණ්ණාඩියක් දිහා බලාගෙන දෙතුන් සැරයක් කරලා බලන්න,ඔබට ඉක්මනින්ම තේරෙයි මම කියන්නේ
මොකක්ද කියලා.
ඉතින් හිනාවෙන්න!
දෙවනි ඉගිය / ආත්ම විශ්වාසයෙන් ඉන්න
මොකක්ද මම මේකෙන් අදහස් කරන්නේ, කවුරුහරි ආත්ම විශ්වාසයෙන් පිරුණු කෙනෙක්ව දැක්කාම අපි ඕනෙම කෙනෙක්ට එයා ගැන ආසාවක් ඇතිවෙනවා. කැමැත්තක් ඇතිවෙනවා. අනිත් අයත් එක්ක එකට වැඩ කරන, ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය තියෙන අය හරිම ආකර්ෂණීය මිනිස්සු.
දැන් ඔබට හිතෙයි ඔබට ඒ තරම් ආත්ම විශ්වාසයක් නැහැ කියලා. ඒත් ඒක කණ්ණාඩිය ඉස්සරහ පුරුදු වෙන්න ඔබට පුළුවන්. ඔබ ආත්ම විශ්වාසයෙන් යුතුව කණ්ණාඩියේ ඉන්න ඔබ දිහාවේ බලන්න. බලන්න කොයිතරම් ලොකු වෙනසක් ඒකෙන් ඔබට පේනවද කියලා.
ඒ වගේම එහෙම ආත්ම විශ්වාසයෙන් හිත පිරිලා තියෙද්දී ඔබේ ශරීර භාෂාවේ වෙනස බලන්න. කොයිතරම් නම් ලස්සනද?
කවුරුත් කැමති නැහැ ආත්ම විශ්වාසයක් නැති, හැමවෙලාවකම කන්කෙඳිරි ගාන කෙනෙක් ළඟ ඉන්න. ඕන කෙනෙක් කැමති මානසිකව ශක්තිමත් අයට. ඔබ ඉන්නේ ශක්තිමත් මානසිකත්වයක නෙවෙයි කියලා හිතන්න, යම් හේතුවකට
ඔබේ ආත්ම විශ්වාසය බිඳවැටිලා කියලා හිතන්න. අන්න ඒ වගේ වෙලාවට කාවවත් මුණගැහෙන්න එපා අපි ආකර්ෂණය කරගන්න කැමති අයව ඒ වගේ දුර්වල මානසිකත්ව තියෙන වෙලාවට මුණගැහෙන්න එපා. ඒ වගේ වෙලාවට ඒ අයව මුණගැහුණොත් එයාලා ඔබ වෙතින් ඈත්වෙයි. බයවුණ හාවෙක් වගේ ඔයාගේ ආශ්රයෙන් පැනලා දුවයි.
ඉතින් ඒ තත්ත්වය ඇතිවෙන්න ඉඩ දෙන්න එපා. ඇයිදන්නවද? ඔබ දුර්වල මානසිකත්වයක ඉන්නවා නම් ඒක ඕනෙම කෙනෙක්ට හොඳට දුනෙනවා. මොකද මේ වගේ ආත්ම ශක්තිය/ ආත්ම විශ්වාසය බිංදුවට වැටුණ වෙලාවට තියෙන අසුභවාදී ශක්තිය හරි බලවත්, ඒක ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම දානෙනවා.
ඔබටත් එහෙම දැනිලා ඇති?
තුන්වෙනි ඉඟිය / හුස්ම ගන්න
ඔබට ඇහුණා හරි,හුස්ම ගන්න! කෙනෙක්ව මුලින්ම මුණගැහෙද්දී අපිට පුරුද්දක් තියෙනවා අපි හුස්ම අල්ලන් ඉන්නවා. මේක අපේ හිතේ තියෙන පීඩනය, හිතේ තියෙන ගැස්ම හින්දා සිද්ධවෙන දෙයක්. ඒකෙන් අපේ ශරීර භාෂාව පීඩනයට පත්වෙනවා. කවුරුත් පීඩිත මානසිකත්වයක ඉන්න කෙනෙක් ළඟ ඉන්න කැමති නැහැ. ඉතින් කාවහරි ඉස්සෙල්ලම මුණගැහෙනවා නමි, හුස්ම හොඳට ගන්න. ඇඟ සැහැල්ලු කරගන්න. සැහැල්ලුවෙන් ඒ කෙනාට මුහුණදෙන්න කාවහරි මුණගැහෙන්න කලින් හිතේ චකිතයක්, බයක්, අපහසුතාවයක් වගේ දෙයක් තියෙනවා නමි, ඒක තමයි කරන්න ඕනෙ. හොඳට හුස්ම අරගෙන සැහැල්ලු වෙන්න, පර්යේෂණ දත්තවලින් අනාවරණය වෙලා තියෙනවා දෙගිඩියාවෙන් හිඳීමයි, හුස්ම ගැනීමයි කියන දෙකම එකට කරන්න බැහැ කියලා. ඉතින් ඔබ හොඳට හුස්ම ගත්තොත් ඔබේ හිතේ කෙනෙක්ව මුලින්ම මුණගැහෙද්දී තියෙන බය/චකිතය/ පීඩනය නැතුව යනවා. ඉතින් ඔබට වගේම ඔබේ පෙණහැල්ලටත් මේක ලොකු උදව්වක්, හොඳට හුස්ම ගන්න.
හතරවෙනි ඉගිය / හොදට ඇස් දෙක දිහා බලලා කතා කරන්න
ඔබම දන්නවා ඔබට කෙනෙක් මුණගැහිලා ඒ කෙනා හරියට ඔබේ ඇස් දෙක දිහා නොබලා මගහැරලා කතා කළොත් නිකං අමුත්තක් වගේ දූනෙනවා නේද? ඉතින් මේ දේ තේරුම් ගන්න, තමන්ගේ වාසිය වෙනුවෙන් මේ දේ යොදාගෙන, කෙනෙක්ව මුල්වරට මුණගැහුණම ඒ කෙනාගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්න. ඒ කියන්නේ ඒ කෙනාගේ ඇස් දෙක දිහා අමුතු විදියට බලලා ඒ කෙනාව අපහසුතාවයට පත්කරන්න නෙවෙයි. මේ කියන්නේ අවංකව ඇස් දෙක දිහා බලන්න. කතා කරද්දී සැරින් සැරේ ඇස් දිහා බලලා කතා කරන්න. ගොඩක් දෙනා විශ්වාස කරන දෙයක් තමයි, කෙනෙකුගේ ඇස් දෙක තමයි ඒ කෙනාගේ ආත්මයේ දොරටුව. (ඇස් දෙක හරහා අපිට කෙනෙක්ව දකින්න පුළුවන්), ඒ කියන්නේ ඔබේ ඇස් දෙක නිරවුල් නම්, ඔබට හංගන්න දෙයක් නැහැ.
“”Get any one to do anything and never feel powerless again ” කියන වැඩිම අළෙවියක් තිබුණ පොතෙන් ඩේවිඩ් ජේ ලයිබමන් (PhD) පෙන්නලා දීලා තියෙනවා දෙන්නෙක් ආදරෙන් බැඳෙනකොට මේ ඇස්වල බැල්ම බලපානවා කියලා. මේ අධ්‍යනයට අනුව හොයාගෙන තියෙනවා විරුද්ධ ලිංගිකයින් දෙන්නෙක් මුණගැහිලා දෙන්නගේ ඇස් දෙක දිහා බැලුවට පස්සේ ඒකම ඇතිලු ඒ දෙන්නට එයාලා ගැන හැඟීමක් ඇති කරගන්න.
(එකිනෙකාට ආකර්ෂණය වෙන්න). හැබැයි ඔබ පරිස්සම් වෙන්න ඕනෙ ඔබ මේ දේ යොදාගන්නේ මොන අවස්ථාවටද කියන එක ගැන. ඉතින් ඒ ඇස් දිහා බලලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ඒ දේ කරන්න. සාමාන්‍ය කෙනෙකුගේ ඇස් දිහා කෙළින්ම බැලුවාම විශ්වාසය ගොඩනැගෙනවා.
පස්වනි ඉඟිය / දෑන් විවෘත කරන්න ( දෑත් දෙපසට දිගහරින්න )
“Your Body Doesn’t Lie” ඔබේ ශරීරය බොරු කියන්නේ නැහැ කියන පොතේ කතුවරයා වන වෛද්‍ය ජෝන් ඩයමන්ඩ්ට අනුව අපි අත් දෙක එළියට විවෘත වෙන විදියට දෙපැත්තට දිගහැරියාට පස්සේ අපේ හදවත උපරිමයෙන් ලෝකෙට විවෘත
වෙනවා. අත්දෙක දෙපැත්තට විහිදුවලා විවෘතව ඉන්නවා තරම් හොඳ ඉරියච්වක් නැහැ කියලා කියනවා. ඔබේ දෑත් විවෘත කිරීමෙන් ඔබ, ඔබේ හදවත හොඳින්ම විවෘත වෙන්න දෙනවා. ඒකෙන් ඔබ පෙන්වනවා කිසිම කෙනෙකුට ඔබ හින්දා බයක් වෙන්න දෙයක් නැහැ කියලා. (දෑත් දෙපසට විහිදුවලා හදවත විවෘත කරපු කෙනෙක් එක්ක ඉන්න බය වෙන්න ඕනෙ නැහැ. එයාගෙන් අපිට හානියක් නැහැ). ඔබ කණ්ඩායමක් ඉදිරියේ කතා කරද්දී මේ ශරීර භාෂාව භාවිතා කරන්න, ඒකෙන් මිනිස්සු ඉක්මනටම ඔබව විශ්වාස කරන්න පටන්ගන්නවා. ඒ වගේම ඉක්මනටම ඔබට කැමති වෙනවා. මේක මේ ලොකුවට කරන්න ඕනෙ දෙයක් නෙවෙයි, මේක සරලව සාමාන්‍ය දෙයක් හැටියට කරන්න.
මේක කණ්ණාඩිය ඉස්සරහ පුරුදු වෙලා බලන්න, මේක හරියටම කරන්නේ කොහොමද කියලා එතකොට තේරෙයි. කාවහරි පාරෙදි මුණගැහුණම ඒ කෙනාව පිළිගන්නත් මේක කරන්න පුළුවන්. මේක ලොකුවට කරන්න ඕනෙ නැහැ. ඒත් මේ ඉරියව්වෙන් ලොකු සමීපකමක් ඇතිවෙනවා. විශ්වාසය පිළිබඳව හැඟීමක් ඇතිවෙනවා.
හයවෙනි ඉඟිය / ඔබත් එක්ක ඉන්න කෙනා හෝ පිරිස දිහාවට ඔබේ හදවත හරවන්න
මේක ගොඩක් වෙලාවට බලපාන්නේ දෙන්නෙක් අතර කෙරෙන සන්නිවේදනයේදී වුණත් මේක පිරිසක් අතරෙදී වුණත් කරන්න පුළුවන්. ඔබ දැනටම ඔබේ දෑත් විවෘත කරලා හදවත හොඳින් විවෘත කරලා තියෙන්නේ. දාන් ඔබ කතා කරන කෙනාගේ දිහාවට ඔබේ හදවත එල්ල කරන්න. ඔබ පිරිසක් එක්ක කතා කරනවා වුණත් හොඳට මතක තියාගන්න ඔබේ හදවත ඒ අයගේ පැත්තට හැරෙන විදියට ඒ පැත්තට හැරිලා (ඇඟ හරවලා) කතා කරන්න. ඔබේ ඇඟ හරවමින් එතන හැමකෙනාගෙම පැත්තට ඔබේ හදවත වරින්වර එල්ල කරමින් කතා කරන්න. ඒකෙන් ඔබ කියන්නේ මම ඔබට මගේ හදවත විවෘත කරනවා, කියන එක. ඕනම කෙනෙක් කැමතියි විවෘත හදවත් තියෙන අයට. ඕනෙම කෙනෙක් විවෘත හදවත් තියෙන අයට ආදරේ කරනවා.
හත්වෙනි ඉඟිය / තරුන කෙනෙක් වගේ හැසිරෙන්න
සමාජය තරුණයින්ට ආදරෙයි. ඉතින් මේකෙන් ඔබ ප්‍රයෝජන ගන්න. තරුණයෙක් වගේ හැසිරෙන්න. ඒකෙන් කියන්නේ නැහැ ඔබ තරුණ වෙන්න ඕන කියන එක. ඔබ මොන වයසක හිටියත් කමක් නැහැ තරුණයෙක් වගේ වැඩ කරන්න. ඔබේ අඟපසඟ වුණත් තරුණයෙක් වගේ එහා මෙහා කරන්න.
පුරුදු කරන්න!
ඇවිදිනකොට තරුණ ජවය අරගෙන ඇවිදින්න, කණ්ණාඩිය ඉස්සරහ ඇවිදලා බලන්න. ඔබට පුදුම හිතෙයි. ඔබ තරුණයෙක් වගේ හැසිරෙන්න පටන්ගත්තට පස්සේ පුදුම වෙනසක් ඔබට දනෙන්න පටන්ගනියි. ඒක කරලාම බලන්න ඕනෙ.
විශේෂ ඉඟිය
පුද්ගලයෙක් ඔබට ඉතාම කෙටි කාලයක් ඇතුළත ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නම්
ඔබට ඒ සඳහා ගැලපෙන නිවැරදි
WeAura Energy Pendant පළඳින්න,
Pendant link : www.weauras.com/product/weaura-energy-pendant/
පාෂාණ විශේෂඥවරයෙක් හෝ පාෂාණ වෛද්‍යවරයෙක් සමග සම්බන්ධ විමට
☎ Hotline
+94 76 807 2452 / +94 76 744 2998