
කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි, චක්‍ර ක්‍රියාකාරීව තබා ගැනීමට අවශ්‍ය පලිගු සහා ඒවා භාවිතා කළ යුතු කෙටි විස්තරයක් මෙන්න.
එක් එක් චක්‍රයට අයත් පලිගු වර්ග කිහිපයක් මම පහල පින්තුරයේ පෙන්වා දී තිබෙනවා , ඒ හැම පලිගුවක්ම අවශ්‍ය නැහැ , එක් චක්‍රයට එක් පලිගුවක් තිබුනොත් හොදටම ඇති . පලිගු වර්ග කිහිපයක් ම දුන්නේ ඔයාලට මේවායින් එකක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතලා .

🔺ඔබට එය වතුර වීදුරුවක විනාඩි 10 ක් තබා එම දියර පානය කළ හැකිය.
🔺ඔබට එය සක්‍රිය කිරීමට මිනිත්තු 3 සහ 21 අතර චක්‍රයේ එකම ස්ථානයේ තැබිය හැකිය. මේ කාලය අතරතුර ඔබට කැමති වෙලාවක් තබාගන්න .
🔺ඔබට චක්‍රයක් ක්‍රියාකරවීමට , අදාළ පලිගුව ඔබේ බුරිය මැද තබා ප්ලාස්ටර් එකකින් ආවරණය කල හැක .
🔺ඔබට පලිගු සැමවිටම ඔබ සමඟ රැගෙන යා හැකිය
🔺නින්දට යන විට පලිගු ඔබේ කොට්ටය යට තබා ගැනීමෙන් මිහිරි සිහින මවන අතර ඔබේ අද්යාත්මික ක්ෂේත්රය ආරක්ෂා වේ.
🔺ඔබට පලිගු ඔබේ වැඩ මේසයේ, රාත්‍රී මේසයේ හෝ පූජාසනය/අල්තාරය මත තබා ඔබේ අද්යාත්මික ක්ෂේත්රය සමපාත කිරීමට හැක.